පාස්ටර් ජෙරොම්ගේ බැංකු ගිණුම් ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ දී රුපියල් බිලියන 12.2 ක මුදල් සංසරණය වීම පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨධිකරණයට දැනුම් දුන්නා.

දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11ක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මෙම මුදල් ලැබුනේ කෙසේද? ඒවා තැන්පත් කළේ කවුද? යනාදී තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් සඳහන් කර සිටියා.

ආගමික සංහිදියාවට බාධා කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේවගැතිවරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ආගමික නායකයින් ඇතුළු මහජනතාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බවත් ඔහු පැවසුවා.

මෙම නඩුකරයට අදාළව විමර්ශනවල ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා පහක දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර අවශ්‍ය නියෝග ලබාගෙන තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මෙම දැනුම්දීම සිදු කළා.

මෙහිදී පෙත්සම්කාර ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආගමික සංහිදියාවට බරපතළ ප්‍රහාරයක් එල්ල කළ වගඋත්තරකාර දේවගැතිවරයා මේ වන විට පරීක්ෂණ මගහැර විදේශගත වී සිටින බවටත් චෝදනා කළා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා පවතින නීතියට අනුව ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා පවා නියෝගයක් නිකුත් කර තිබියදී එම කටයුත්ත ඉටු වී නොමැති බව චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මෙම පුද්ගලයාට එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළා

මොහුගේ ආධ්‍යාත්මික නායකයා වශයෙන් සැලකෙන “ඌබට් ඒන්ජල්” නැමැත්තාට ද බරපතළ මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී තිබෙන බවත් වග උත්තරකරුග් “මිරකල් ඩෝම්” යඥා මධ්‍යස්ථානය ගොඩනැගීම සඳහා රුපියල් බිලියන 2.5 ක පමණ මුදලක් වැයකර තිබෙන බවත් එම මුදල් ඔහුට ලැබුණේ කෙසේ ද? යන්න පිළිබඳව තවමත් ගැඹුරු විමර්ශනයක් සිදුකර නොමැති බවටත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ ආරම්භ කෙරුණේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමටත් පෙර සිට බව සඳහන් කළා.

පරීක්ෂණ මන්දගාමී බවට නැගෙන චෝදනා පිළිගත නොහැකි බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අදාළ පරීක්ෂණ කාර්යක්ෂම ආකාරයෙන් සිදුවන බවයි කියා සිටියේ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ඔක්තෝම්බර් මස 27 දා යළි කැඳවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නීතිපතිවරයාට නියම කළා.

මේ අතර තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ද එදිනම කැඳවීමට අධිකරණය නියම කළා.

එම පෙත්සමට අදාළ ව මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස “ග්ලෝරියස් චර්ච්” සහ “මිරකල් ඩෝම්” යන ආයතන සිය නීතිඥවරයා මාර්ගයෙන් අවසර ඉල්ලා සිටි අතර එම ඉල්ලීම් මීළඟ දින සලකා බලන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54