spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා අද ජන පවුරක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබෙනවා.

අද උදෑසන 8.00 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කිරිමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිතය.

කතෝලික සභාව සදහන් කළේ අදාළ ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙම ජනපවුර නිර්මාණය කරන බවය.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ඊයේ රාත්‍රී පාගමනක් ආරම්භ කර තිබූ අතර ඊට සමගාමීව විශේෂ රාත්‍රී දේව මෙහෙයක්ද පවත්වා තිබෙනවා.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශිකයන් 45ක්, පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර, තවත් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?