Empty Ad
AFC Banner
Empty Ad

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයාට අධිකරනයෙන් දුන් නියමය

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

එම නඩුව අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාරගත කර සිටින අදාළ විත්තිකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට සහ ඒ හරහා ජාතිවාදී ගැටුම් ඇති වියහැකි බවට තොරතුරු දැන ගනිමින් ඒ පිළිබඳව පොලිස් නිලධාරියෙකුට දැනුම්නොදී තොරතුරු වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව එම නඩුව ගොණුකර තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයෙකු වන විත්තිකාර මොහොමඩ් ඊබ්‍රහිම් නැමැත්තා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඉන්සාබ් සහ මොහොමඩ් ඉල්හාම් යන මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා බවත් විමර්ශනවලදී හෙළිවී ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?