Fly high Get bonus Aviator Phone

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව කල් යයි

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළා.

මෙම තීන්දුව අද දිනයේ යි ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ.

එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම මාර්තු මස පළමු වනදා දක්වා කල් තබන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ප්‍රෑන්ක් ගුණවර්ධන මහතා නියෝගය කළා.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108 ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?