Empty Ad
AFC Banner
AFC Banner

පාස්කු නඩුවේ සැකකරුවෙකු ලෙසට නම් කිරීම අත්හිටුවන්නැයි හිටපු ජනපති මෛත්‍රී ගොනු කළ පෙත්සමට ලැබුණු නියෝගය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සැකකරු වශයෙන් නම් කරමින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අත්හිටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඒ මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බව පැමිණිලිකාර පාර්ශ්වය අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කර තිබෙන අදාළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී අදාළ පෞද්ගලික පැමිණිල්ලේ පැමිණිලිකරුවන් වශයෙන් නම් කර සිටින සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම ප්‍රතිඥාව ලබා දුන්නා.

මෙම නඩුකරය පාදක වන නීතිමය ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස මීට පෙර පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එවැනි විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීම් කිරීමට පැමිණිකාර පාර්ශවයට හැකියාව තිබෙන බව දන්වා සිටියා.

ඉන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර විභාගය සඳහා ජනවාරි මස 31 වනදා කැඳවීමටයි අධිකරණය නියම කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගස් ගලවන් ගිය කඩුගන්නාවේ බස් අනතුරේ සජීවී දර්ශන
05:01
Video thumbnail
හොර පට්ටම්වලට වැඩේ දෙන්න නලීන් බණ්ඩාර පෙරට
16:04
Video thumbnail
රුසියාවේ වසරක ප්‍රගතිය - යුද්ධය සමග ජර්මන් ආර්ථිකයත් පසු කරයි #russia #globalnews
05:45
Video thumbnail
වසන්තගෙන් පොරොන්දුවක්
03:16
Video thumbnail
බොරුවක් ඇත්තක් වගේ කියන එක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්
21:21
Video thumbnail
මගෙන් ඇහුවා ජැක්සන් ඇන්තනී පොරක්ද කියලා - සිදුවුන අසාධාරණයට පිළිසරණක් පතනවා
06:27
Video thumbnail
මාධවී ඇන්තනි මහා පාරේ හඬා වැටෙයි - පොලීසියට මෙහෙමත් කරන් පුළුවන් ද?
06:39
Video thumbnail
ගැට කපන්නන් කොටුවේ සීසීකඩ - පොලිසියෙන් බැහැලා විශේෂ මෙහෙයුමක්
05:34
Video thumbnail
1වෙනිදට කිරබත් කන්නවත් බැරිකළා පුනුරුද යුගයක් ඇවිත්
03:15
Video thumbnail
වසන්තගේ සද්දෙ චූට්ටක් අඩුවෙලා - කියද්දි ලේසි උනාට - කරද්දි අමාරුයි වගේ
02:27

?