ඉරානයේ නව උත්තරීතර නායකයා ගැන තොරතුරකට ඩොලර් මිලියන 10ක් – කාර්ග් දූපතටත් බෝම්බ හෙලයි

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන නායකයින් පිළිබඳ තොරතුරු ලබාදෙන ඕනෑම අයෙකුට එක්සත් ජනපදය ඩොලර් මිලියන 10ක් දක්වා ත්‍යාග පිරිනමන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දැන්වීමක විශේෂයෙන් පුද්ගලයින් 10 දෙනෙකු සඳහන් කරන අතර ඉන් හයදෙනෙකු පමණක් නම් කර ඇති ආකාරය දැකගත හැකියි.

ඔවුන් අතර නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ද සිටිනවා.

මේ අතර ඉරානයට අයත් කාර්ග් දූපතට බෝම්බ දැමූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඉරානයට හිමි කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයක්ම මුළුමනින්ම විනාශ කළ බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ.

“මම දිවයිනේ තෙල් යටිතල පහසුකම් අතුගා දැමීමට තෝරාගෙන නැත. කෙසේ වෙතත්, ඉරානය හෝ වෙනත් කිසිවෙකු හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් නිදහස් හා ආරක්ෂිතව ගමන් කිරීමට බාධා කිරීමට කිසිවක් කළහොත්, මම වහාම මෙම තීරණය නැවත සලකා බලමි,” ට්‍රම්ප් ජනාධිපතිවරයා තවදුරටත් පවසා සිටියා.

එමෙන්ම ඔහු ඉරානයෙන් ඉල්ලා සිටියේ තම ආයුධ බිම තබා ඔවුන්ගේ රටේ ඉතිරිව ඇති දේ බේරාගන්නා ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02