යුද ගැටුම්වල වීඩියෝ සමාජ මාධ්‍යයේ දැමූ 10ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අත්අඩංගුවට

යුද ගැටුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුද්ගලයින් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරයට ලක්ව ඇති රටේ සමාජ මාධ්‍යවල සැබෑ සහ ව්‍යාජ වීඩියෝ පළ කිරීම සම්බන්ධයෙන් විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් 10 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති යෙදවීම හෝ ප්‍රහාරයන්ට ගොදුරුවීම මෙන්ම, ව්‍යාජ පිපිරීම්, ගිනි ගැනීම් සහ ප්‍රමුඛ සන්ධිස්ථානවලට ප්‍රහාර පෙන්වන AI ජනනය කරන ලද හෝ ගොතන ලද වීඩියෝ අදාළ පුද්ගලයින් විසින් පළකර ඇති වීඩියෝවල ඇතුළත්.

සැබෑ හෝ සකසන ලද එම වීඩියෝ ප්‍රකාශයට පත් කිරීම ව්‍යාකූලත්වයක් ඇති කරන අතර මහජන ආරක්ෂාවට බලපෑම් කරන අතරම, රජය කෙරෙහි විශ්වාසය බිඳ දැමීම සඳහා ද ඉවහල්වන බවයි එරට රජය පවසන්නේ.

ඒ, අනුව හිතාමතා වංචා කිරීම, මහජන ආරක්ෂාවට පහරදීම, පුද්ගලයන් අතර භීෂණය පැතිරවීම සහ සමාජ සාමය අඩපණ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයින්ට අවම වශයෙන් වසරක සිර දඬුවමක් සහ ඩිරාම් 100,000ක දඩයක් ගෙවීමට සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14