පාස්කු නඩුවේ සැකකරුවෙකු ලෙසට නම් කිරීම අත්හිටුවන්නැයි හිටපු ජනපති මෛත්‍රී ගොනු කළ පෙත්සමට ලැබුණු නියෝගය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සැකකරු වශයෙන් නම් කරමින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අත්හිටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඒ මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බව පැමිණිලිකාර පාර්ශ්වය අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කර තිබෙන අදාළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී අදාළ පෞද්ගලික පැමිණිල්ලේ පැමිණිලිකරුවන් වශයෙන් නම් කර සිටින සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම ප්‍රතිඥාව ලබා දුන්නා.

මෙම නඩුකරය පාදක වන නීතිමය ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස මීට පෙර පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණා.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එවැනි විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීම් කිරීමට පැමිණිකාර පාර්ශවයට හැකියාව තිබෙන බව දන්වා සිටියා.

ඉන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර විභාගය සඳහා ජනවාරි මස 31 වනදා කැඳවීමටයි අධිකරණය නියම කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48