මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් රජයෙන් මිලදී ගැනීමේ සූදානමක් (වීඩියෝ)

මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය නිරීක්ෂණයට වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ඊයේ (13) පැමිණි අවස්ථවේ මේ බව සඳහන් කළා.

එම අවස්ථාවට ජාතික සමූකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව ඇතුළු පිරිසක් ද සහභාගි වුණා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ 2024 වසරේ ආරම්භ වුණ සහල් අර්බුදය 2025 වසරේ ජනවාරි, පෙබරවාරි වන විට සහල් ඉතා ඉහළ මිලකට වෙළෙඳපොළේ පැවතුණා. හැබැයි 2025 වසරේ අපේ සැලසුම් අනුව 2026 වසරේ මේ කාලය වෙනකොට කැකුළු හාල් රුපියල් 200 ට අඩුවෙන් තියාගන්නත්, නාඩු රුපියල් 210 ට, 220 ට අඩුවෙන් තියාගන්නත් අපි සමත් වුණා. විශේෂයෙන් තොග මිල රුපියල් 210 අඩුවෙන් තියාගන්න මේ වෙනකොට අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ගොවි ජනතාවට සහතික මිලක් ලබා දෙන ගමන්, පාරිභෝගික ජනතාවට සහන මිලක් ලබා දෙමින් අවශ්‍ය සහල් තොග ලබා දෙන්න කටයුතු කරනවා. මේ ගබඩාවල රැස් වන සහල් ජනතාවට ලබාදීම සඳහා සිල්ලර වෙළෙඳසැල් හා සමූපකාරවලටත්, ලංකා සතොසටත් ලබාදීමට ජාතික සතොස විසින් කටයුතු කරමින් තිබෙනවා. මේ අනුව අඛණ්ඩව දිනකට සහල් මෙට්‍රික් ටොන් 300කට වැඩි ප්‍රමාණයක් සහල් වෙමින්, රජයේ ගබඩාවලට එකතු වෙන ගමන් වෙළෙඳපොළට නිදහස් කිරීමත් ජාතික සතොස හරහා සිදුකරනවා. ඒ නිසා වෙළෙඳපොළේ සහල් මිල පාලනය කරන්නත්, ගොවියාට සහතික මිලක් ලබා දීලා ගොවියාත්, පාරිභෝගිකයාත් දෙදෙනාම ආරක්ෂා කරන්න වී අලෙවි මණ්ඩලයත්, ජාතික සතොසත් ඒකාබද්ධව සහල් මිල අඩු කරන්න මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා. මෙය අඛණ්ඩව අපි පවත්වාගෙන යනවා.”

මේ අතර රජය සතුව සහල් ආරක්ෂිත තොග පවතින බැවින් උත්සව සමයේ සහල් මිල ඉහළ යාමක් කිසිසේත් සිදුනොවන බව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16