spot_imgspot_img

පාසලේ විදුලි පංකාව හිසේ ගැටී පාසල් සිසුවා මියයයි

පුස්සැල්ලාව හින්දු ජාතික පාසලේ පැවති උත්සවයක්‌ අවසන්විමෙන්‌ පසු පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙකු විදුලි පංකාවක ගැටී තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත්‌ කර ප්‍රථිකාර ලබමින්‌ සිටියදී, මියගොස්‌ තිබෙනවා.

මියගිය පිරිමි දරුවා වයස අවුරුදු 14 ක්වූ ඩෙල්ටා දකුණ කොටස, පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචි පාසල්‌ සිසුවෙකි.

මියගිය පාසල්‌ සිසුවා තවත්‌ ළමුන්‌ කිහිපදෙනෙකු සමග සෙල්ලම්‌ කරමින්‌ සිටියදී පංති කාමරයේ පුටුවක්‌ ආධාරයෙන්‌ මේසයක්‌ මතට නැඟිමේදී සිවිලිමේ සචිකර තිබූ විදුලි පංකාචක්‌ හිසේ ගැටී තුවාල වි ඇති බවට පොලිසිය සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇති අතර පශ්චාත්‌ මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
1
+1
0
+1
27
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?