පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව (21) වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත මන්සංදියෙන් කොහිල වත්තට හැරෙන ස්ථානයේ දී වැටලීමක් සිදුකර තිබේ.

එහි දී පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අළෙවි කිරිම සදහා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි බ්‍රැන්ඩියා වත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන පුද්ගලයකු අයිස් ග්‍රෑම් 09, මිලි ග්‍රෑම් 430 ක් සහ ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්