පාසල් සිසුවෙකුගේ ගෙළ කපා බෑගය පැහැරගෙන – බරපතළ තුවාල ලැබූ සිසුවා ජාතික රෝහලේ

උපකාරක පංතියකට සහභාගී වීමට යමින් සිටි පාසල් සිසුවෙකුගේ ගෙළ කපා ඔහුගේ බෑගය පැහැරගෙන පළා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

බස් රථයකින් මීරිගම බස් නැවතුම්පළට පැමිණ ඇති සිසුවා තවත් සිසුවෙකු සමඟ දුම්රිය මාර්ගය දිගේ විල්වත්ත දෙසට ගමන් කරමින් සිටිය දී අද (06) මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මෙහිදී තුවාල ලැබූ සිසුවා මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර සිසුවාගෙන් පැහැරගත් බෑගය ලඳු කැලෑවක දමා ගොස් තිබිය දී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
16
+1
0
+1
3
+1
37
+1
13
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිගේ ප්‍රකාශයට මහින්දට යකා නගියි - කෞෂල්‍යාටත් හිනා..මහත්තුරු හැමදාම බොරු බේගල් ඇදබානවා
01:41
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
01:02:00
Video thumbnail
අගමැතිවරිය කළ ප්‍රකාශයට ලංකා ගුරු සංගමයෙන් සැර පිළිතුරක් - මේක ගැන ලැජ්ජයි
03:24
Video thumbnail
දරුවෙක්ට වෙච්ච කරදරයක් ගැන චාමර සංවේදීවී කිව්ව කතාව - බිමල් ඒ මොහොතෙම විසඳුමක් දෙයි
04:34
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක් - "ස#රාන්ව ගෙනිච්ච නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා"
03:14
Video thumbnail
චාමර - අනුර ගැන ගුණ වයයි - අනුර නියම විධායක ජනාධිපති - සරණට දුන්න නඩු තීන්දුව නියමයි
03:43
Video thumbnail
විරුද්ධ පක්ෂය ගෙන යන උපවාස ගැන මුජිබුර් කිව්ව දේ - මේක රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
01:04
Video thumbnail
සුරේෂ් සලේ ගැන මුජිබුර් කට අරියි - නිර්දෝෂීනම් උසාවියේ ඔප්පු කරන්න..උපවාස කරලා වැඩක් නෑ
02:52
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48