උපකාරක පංතියකට සහභාගී වීමට යමින් සිටි පාසල් සිසුවෙකුගේ ගෙළ කපා ඔහුගේ බෑගය පැහැරගෙන පළා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ගිරිඋල්ල ප්රදේශයේ පදිංචි සිසුවෙකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.
බස් රථයකින් මීරිගම බස් නැවතුම්පළට පැමිණ ඇති සිසුවා තවත් සිසුවෙකු සමඟ දුම්රිය මාර්ගය දිගේ විල්වත්ත දෙසට ගමන් කරමින් සිටිය දී අද (06) මෙම ප්රහාරයට ලක්ව තිබෙනවා.
මෙහිදී තුවාල ලැබූ සිසුවා මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර සිසුවාගෙන් පැහැරගත් බෑගය ලඳු කැලෑවක දමා ගොස් තිබිය දී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.













