මොරටුව, කොරළවැල්ල, ශාන්ත මයිකල් දේවස්ථානට ඊයේ (29) රාත්රියේ ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙක් විසින් එම දේවස්ථානය තිබූ භාණ්ඩ කිහිපයක් රැගෙන පලාගොස් තිබෙනවා.
එම දේවස්ථානයේ තිබූ පරිගණක මොනිටරයක්, ශබ්ද පද්ධති උපකරණ කිහිපයක් ඇතුළු භාණ්ඩ රැසක් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
