අද (24) දිනය වන විට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යා 48,287ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද‍්‍ය කපිල කන්නංගර පවසනවා.
වැඩබලන අධ්‍යක්ෂවරයා පවසා සිටියේ, ඊයේ (23) දිනය තුළ පමණක් ඩෙංගු රෝගීන් 757ක් වාර්තා වී ඇති බවයි.
සමස්ත රෝගීන්ගෙන් 52.12%ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දකුණු පළාතේ 16.04%ක් සහ සබරගමුව පළාතෙන් 9.15%ක්, මධ්‍යම පළාතෙන් 7.2%ක් සහ නැගෙනහිර පළාතෙන් 5.4%ක් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද‍්‍ය කපිල කන්නංගර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම තත්ත්වය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කර ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













