පානදුර නගරය මැද අත්කරත්තයකින් සුනඛයින් අතුරුදහන් වුනු හැටි – පොලිසියට මාට්ටු වුනු අනියම් යුවළ හෙළි කළ කිළිපොලා යන කතාව පළමුවරට එළියට

මෙරට සිටින මිනිසුන්ගෙන් වැඩි පිරිසකට බල්ලන් පෙනෙන්නට බැහැ. නිවසේ ඉතිරි වන ඉඳුල් ටික, කන්න ටිකක් සොයාගෙන එන බල්ලෙකුට නොදී වල දැමීමට තරම් මිනිස්සු කුරිරු වී ඇති බව රහසක් නොවෙයි.

ලෙඩකට දුකකට ගොදුරු වී සිටින බල්ලෙකු දුටුවොත් “ජරා බල්ලෙක් මූ අපිටත් ලෙඩ බෝ කරනවා” ලෙස කියමින් පිළිකුල් කරන මිනිසුන්ද නැතුවා නොවේ.“බල්ලො මරලා සල්ලි හම්බ කරනවා” යැයි පැරණි කියමනක් පවතිනවා. එහි තේරුම නම් බල්ලන් මරා මස්කොට විකිණීම නොව මුදල් ලැබෙනවා නම් ඕනෑම පහත් වැඩක් කරන බවයි.

බල්ලන් මරා සල්ලි හම්බ කරන බවට සැක කෙරෙන යුවළක් පසුගිය දා වාද්දුව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ සත්ව සංවිධානවලින් ලැබුණු පැමිණිලි හේතුවෙනුයි.

එක්තරා යාචක යුවළක් අත්කරත්තයක් තල්ලු කරගෙන රට වටේ ඇවිදිමින් පාරවල් දිගේ සිටින බලු පැටවුන් එකතු කරන බවට මේ සංවිධානවලට තොරතුරු ලැබෙමින් පැවතුණා.

කරත්තයට දමා ගන්නා පැටවුන් යමක් බොන්න හෝ කෑමට දී උන් සිහිසුන් ත්ත්වයට පත් කොට රැගෙන යන බව ද එම සංවිධාන අනාවරණය කරගෙන තිබුණා.

ඔවුන් කිහිප වරක්ම මේ බලු පැටවුන් මුදා හැරීමට කටයුතු කළත්, එම කාන්තාවගේ දැඩි ක්‍රියා පිළිවෙල හමුවේ පසුබසින්නට වූයේ මේ සංවිධානවල බහුතරය කාන්තාවන් වූ නිසා යි.

ඔවුන් පොලිසියෙ සහය පතන්නේ ඉන් අනතුරුවයි.

පසුගිය දිනෙක මේ කරත්තය ගාලුපාර ඔස්සේ වාද්දුව දෙසට ගමන් කරන බවට දැනගත් එම සත්ත්ව සංවිධාන සාමාජිකයින් ඒ බව වාද්දුව පොලිසියට දැනුම් දී තිබුණා.

වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපති වරයා මේ සුනඛ දඩයම අල්ලා ගැනීමට කණ්ඩායමක් පිටත් කර හැරියා.

පසුව අත්කරත්තය ද සමඟ යුවළ අල්ලා ගැනීමට පොලිසියට හැකි වුණා.

යාචකයෙකු වුවද ඇය පොලිස් නිලධාරින් ඉදිරියේ හැසිරුණු අයුරු පුදුම සහගත වුණා. පරුෂ වචන කියමින් කරත්තයේ සිටි සුනඛයන්ට පහර දෙමින් ද උන් අල්ලා පොළවේ ගසමින් ද ඇය හැසිරුණා.

කෙසේ හෝ දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී හෙළි වුණේ ඇය සිංහල ජාතික කාන්තාවක් බවත් පිරිමියා මුස්ලිම් ජාතික කුත් බවයි.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ, මේ දෙදෙනා සුනඛයින් රැගෙන ගොස් විදෙස් ජාතිකයන්ට විකුණන බවට තොරතුරු ලැබුණත් එවැන්නක් තහවුරු වී නැති බවයි.

මේ කාන්තාවට අවුරුදු 36ක්. පුරුෂයා 43 හැවිරිදි යි.

මේ දෙදෙනා අනියම් යුවලක්. අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මේ කාන්තාවට යම් මානසික රෝගී තත්ත්වයක් තිබෙනවා දැයි පරීක්ෂා කිරීමට යොමු කෙරුණා.

මොවුන්ට අයත් වැඩිහිටි සුනඛයෙකු සිටියත් මේ වන විට ඌ සොයා ගන්නට නැහැ. පොලිසිය එම සුනඛයා සොයමින් සිටින්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනාථාගාරයකට යැවීම සඳහායි.

අධිකරණය දුන් එම නියෝගවලින් වැටහෙන යමක් තිබේ. ඒ සුනඛයෙකු වත් පාරේ අනාථ කිරීම නීත්‍යානූකූල නොවන බවයි.තක්ෂිලා ජයසේකර විසින් “මාංචු” පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31