spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පානදුර නගරයේ අනවසර කඩ ජනතා විරෝධය මැද කඩා ඉවත්කෙරේ

පානදුර නගරයේ ඉදිකර ඇති අනවසර වෙළද සැල් ඉවත් කිරීම පානදුර නගර සභාව සහ පානදුර දකුණ පොලිසිය විසින් අද සිදුකරන කර තිබෙනවා.

සති දෙකකට පෙර කළ දැනුම් දීමට අනුව අනවසර වෙළද සැල් 50ක් පමණ ඉවත්කරගෙන ඇති අතර එලෙස ඉවත් නොකළ වෙළද සැල් සියල්ල ඉවත් කරන බවටයි පානදුර නගර සභාව සඳහන් කර ඇත්තේ.

වෙළද සැල් ඉවත් කිරීමට යාමේදී නගර සභා සේවකයින්ට විරෝධයක් එල්ල වූව ද පොලිසිය මැදිහත් වීමෙන් කඩ ඉවත් කිරීම සිදු කරනු ලැබුවා.

පානදුර ආතර් වී දියෙස් මාවත, මහවීදිය සහ ජනප්‍රිය මාවතේ ඉදිකර තිබූ අනවසර වෙලඳසැල් මෙලෙස ඉවත්කිරීමට පියවර ගෙන තිබූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

අනවසර වෙළද සැල් හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ලවී ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?