පානදුරේ මාරක බස්රථ අනතුරක් – කොන්දොස්තරවරයෙක් ජීවිතක්ෂයට

අද (02) උදෑසන 6.00 පමණ පානදුර ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන් ගත පෞද්ගලික බස් රථය පානදුර බස් නැවතුම්පොළ වෙත හැරවීමට උත්සාහ කළ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය පුද්ගලයා ලංගම බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් වන අතර, ඔහු පානදුර ඩිපෝවට අනියුක්තව සේවය කරන බස් කොන්දොස්තරවරක් බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.

අනතුරින් පසු පෞද්ගලික බස් රථයේ රියැදුරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12