පානදුරේ මාරක බස්රථ අනතුරක් – කොන්දොස්තරවරයෙක් ජීවිතක්ෂයට

අද (02) උදෑසන 6.00 පමණ පානදුර ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන් ගත පෞද්ගලික බස් රථය පානදුර බස් නැවතුම්පොළ වෙත හැරවීමට උත්සාහ කළ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය පුද්ගලයා ලංගම බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් වන අතර, ඔහු පානදුර ඩිපෝවට අනියුක්තව සේවය කරන බස් කොන්දොස්තරවරක් බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්.

අනතුරින් පසු පෞද්ගලික බස් රථයේ රියැදුරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28