2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කිරීමේ චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන වසරේ මාර්තු මස 17 වනදා තෙක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (10) නියෝග කළා.
එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට රජයේ වගකීම් සමුදායක් පැවරි ඇති හෙයින් මීළඟ නඩු දිනය තෙක් දැනට නිකුත් කර තිබෙන විදේශ ගමන් තහනම අත්හිටුවන ලෙස ඉල්ලා සිටියා.ඒ අනුව චම්පික රණවක මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම මාර්තු මස 17 වනදා තෙක් අත්හිටුවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන් ගමන් බලධාරීන් වෙත දැනුම් දෙන ලෙස නියෝග කළේය.