පාකිස්ථාන හමුදාවේ අණදීමේ ව්‍යුහය වෙනස් වෙයි

පාකිස්ථානය වසර 50කට පමණ පසු සිය ඉහළම හමුදා අණදීමේ ව්‍යුහයේ දැවැන්ත වෙනසක් සිදුකරමින්, යුද, නාවික සහ ගුවන් හමුදා තුනම සම්බන්ධයෙන් පුළුල් මෙහෙයුම් බලතල නව Chief of Defence Forces – CDF තනතුරට ලබාදී තිබෙනවා.

පසුගිය අගෝස්තු 20 වැනිදා පාකිස්ථාන ජාතික සභාව සම්මත කළ Defence Forces of Pakistan Act 2026 සහ National Command Authority Act සංශෝධනය මගින් මෙම නව බලතල නීතිගත කර තිබෙනවා.

වසර 50ක් පමණ පැවති Chairman of the Joint Chiefs of Staff Committee – CJCSC තනතුර අහෝසි කර ඒ වෙනුවට Defence Forces Headquarters – DFHQ පිහිටුවා ඇති අතර, එහි ප්‍රධානියා ලෙස වත්මන් යුද හමුදාපති Field Marshal Asim Munir කටයුතු කරනවා.

පැරණි ක්‍රමය යටතේ CJCSC තනතුරට හමුදා තුන අතර සම්බන්ධීකරණ කාර්යභාරයක් පමණක් පැවති නමුත්, නව නීතියෙන් CDF වෙත හමුදා තුනේම මෙහෙයුම් අණදීම සහ පාලනය ලබාදී තිබීම ප්‍රධාන වෙනසයි.

පාකිස්ථානයේ න්‍යෂ්ටික හැකියාව සහිත හමුදා බලකා අධීක්ෂණය කරන Commander of the National Strategic Command තනතුර ද යුද හමුදාවට පමණක් හිමිවන ලෙස නව ව්‍යුහය සකස් කර තිබෙනවා. ඒ හේතුවෙන් නාවික සහ ගුවන් හමුදාවල බලපෑම අඩුවී, සමස්ත ආරක්ෂක පද්ධතිය තවදුරටත් යුද හමුදාව කේන්ද්‍ර කරගත් ව්‍යුහයක් බවට පත්විය හැකි බව ඇතැම් විශ්ලේෂකයන් අනතුරු අඟවනවා.

මෙම ප්‍රතිසංස්කරණ සිදුවන්නේ 2025 මැයි මාසයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති දින හතරක හමුදා ගැටුමෙන් වසරකට පමණ පසුවයි.

කෙසේ වෙතත්, නව නීතිය හරහා තේරී පත් වූ සිවිල් ආණ්ඩුවට සාපේක්ෂව හමුදාවට තවත් බලය කේන්ද්‍රගත විය හැකිද යන්න සම්බන්ධයෙන් පාකිස්ථානය තුළ දැඩි විවාදයක් මතුව තිබෙනවා. විවේචකයන් පෙන්වා දෙන්නේ පාකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සන්නද්ධ හමුදාවල පාලනය ෆෙඩරල් රජය සතුව පැවතිය යුතු බවයි.

අනෙක් පාර්ශ්වය පවසන්නේ නව නීති මගින් සිදුකර ඇත්තේ පසුගිය වසරේ 27 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වාදුන් හමුදා ව්‍යුහයට අවශ්‍ය නීතිමය බලය ලබාදීම පමණක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06