පාකිස්ථානයේ සුළු ආගමිකයින්ට සිදුවන හිරිහැර මානව හිමිකම් සංවිධාන හෙළාදකී

ආගමික වෙනස්කම් ඉස්මතු කරමින් සිදුවන හිරිහැර කිරීම් හේතුවෙන් පාකිස්ථානයේ සුළු ජාතීන්ගේ සහ සුළු ආගමිකයින්ගේ ප්‍රතිශතය දැවැන්ත ලෙස පහළ ගොස් තිබෙනවා.

මානව හිමිකම් ක්‍රියාකාරීන් පාකිස්ථානයේ සුළුතර ප්‍රතිශතයේ පහත වැටීම පිළිබඳව පළ කරන්නේ කනස්සල්ලක්.

පාකිස්ථානයේ හියුමන් රයිට්ස් ෆෝකස් හි සභාපති නවීඩ් වෝල්ටර් පෙන්වා දෙන්නේ පෙර සියයට 23ක් වූ පාකිස්ථානයේ සුළුතර ජනගහණය1947 නිදහස ලැබීමෙන් පසු සියයට 3 දක්වා පහත වැටී ඇති බවයි.

“මෙය පිටුපස විවිධ හේතු තිබුණා.එක් ප්‍රධාන හේතුවක් වූයේ පාකිස්ථානය ඉස්ලාමීය රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි.1973 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කරන විට, 2 වන වගන්තියේ ඉස්ලාම්, රාජ්‍ය ආගම විය යුතු බව සඳහන් වුණා. 41 (2) ව්‍යවස්ථාවේ ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සැමවිටම මුස්ලිම් ජාතිකයෙකු විය යුතු බවයි. 91 වැනි ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාත් සැමවිටම මුස්ලිම් ජාතිකයෙකු විය යුතු බව. 1980 ගණන්වල ඒකාධිපති මුහම්මද් සියා-උල්-හක්, ෂරියා නීතියට අනුව ව්‍යවස්ථාවේ සංශෝධන සිදු කරන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ සංශෝධන සිදුවුණා,” යැයි  නවීඩ් වෝල්ටර් පවසනවා.

ඔහු පැවසුවේ ආගමට අපහාස කිරීමේ නීතිය පාකිස්ථානයට ගෙන ආවේ සුළු ආගමිකයන් ඉලක්ක කර ගනිමින් බවයි.

එය හඳුන්වාදීමෙන් පසු පාකිස්ථානය පුරා විශාල පිරිසක් මරා දමා ඇති අතර බොහෝ දෙනෙක් සිරගතව සිටින බව ඔහුගේ මතයයි.

නවීඩ් වෝල්ටර් පැවසුවේ, “සුළු ජාතීන් සහ අනෙකුත් අහිංසක මිනිසුන් 3,000 ක් මෙම නීතියට  ගොදුරු වී ඇති බවයි.

බොහෝ දෙනෙක් උසාවි නඩු විභාගවලදී (දේවාපහාස සහ වෙනත් චෝදනා මත) මරා දමා ඇති අතර බොහෝ දෙනෙක් තවමත් සිරගෙවල්වල රඳවා සිටිනවා.

තව ද බොහෝ දෙනෙක් හුදෙක් චෝදනා එල්ල වී සිටින කාලය තුළ සහ පොලිස් ස්ථානවල අත්අඩංගුවේ සිටියදී පවා ඝාතනය කර තිබෙන බව ඔහු පෙන්වා දෙනවා.

පකිස්ථානයේ සුළු ජාතීන් හිංසාවලට මුහුණ දීමට තවත් සමාජ, ආර්ථික සහ දේශපාලන හේතු කිහිපයක් තිබෙන බව නවීඩ් වෝල්ටර්ගේ මතයයි .

මානව හිමිකම් ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ ක්‍රිස්තියානි, හින්දු සහ සීක් ඇතුළු සුළු ජාතීන්ට එරෙහිව දේව අපහාස සහ අනෙකුත් කුරිරු නීති ඇතැම් අවස්ථාවල ක්‍රියාත්මක කර ඇත්තේ පුද්ගලික ආරවුල් වෙනුවෙන් මෙන්ම ආගමික අන්තවාදී අදහස් ඇතිව බවයි.

මෙවැනි ක්‍රියාකාරකම් සැලකීමේදී පන්ජාබ් පළාතේ කිතුනුවන් ඉලක්ක වන අතර, සින්ද්හි හින්දු භක්තිකයින් ඉලක්ක වනවා.

කයිබර් පක්තුන්ක්වා පළාතේ ඉලක්කගත ජන සමාජය වන්නේ සික්වරුන්.

නවීඩ් වෝල්ටර් පෙන්වා දෙන්නේ පකිස්ථානයේ සුළු ජාතීන් සමාන අයිතිවාසිකම් මෙන්ම ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලා සිටින බවයි.

එය මුස්ලිම්වරුන්ට පමණක් නොව සැමට සමාන තත්වයක් ලබාදිය යුතු ආකාරයෙන් සිදු විය යුතුය යනුවෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55