ප්‍රේමය එපා කී වරදට කළ සාහසික අපරාධය

සිය ආදරය ප්‍රතික්ෂේප කළා යැයි උරණ වී බස් රථයක් තුළ දී ඥාති සහෝදරියට පිහියකින් ඇන පහර දී බරපතළ තුවාල සිදු කළ වෙළෙඳ නාවිකයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නාරාහේන්පිට පොලිසිය විසිනුයි මෙම සැකකරුව පහරදීමට යොදාගත් පිහියත් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුගේ පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ 29 හැවිරිදි තරුණිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

ඇය නාරාහේන්පිට මිනින්දෝරු කාර්‍යාලයේ පාලන අංශයේ සේවය කරන පින්නදූව – වලහන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වනවා.

සැකකරු හා තුවාලකාරිය ඊයේ (6) ගාල්ල සිට නාරහේන්පිට දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථයෙන් පැමිණ ඇති අතර තුවාලකාරිය නාරහේන්පිට – කිරුළ පාර මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටින් බස් රථයෙන් බැසීම සඳහා සූදානම් වීමේ දී ඇය අසලට පැමිණ සැකකරු බෑගය තුළ දමාගෙන ආ රම්බෝ වර්ගයේ පිහිය පිටතට ගෙන ඇයගේ ශරීරයේ ස්ථාන කිහිපයකට ම පහර දී ඇති බවයි මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

එම පහරදීමෙන් තරුණියගේ දකුණු අතේ වැලමිට ප්‍රදේශය, වම් කකුළෙහි දණහිසෙන් පහළ ප්‍රදේශය හා පපු ප්‍රදේශයට තුවාල සිදු වී තිබූ බව ද පොලිසිය පවසනවා.

බස් රථයේ සිටි මගීන් එක් ව සැකකරු ව අල්ලා පොලිසියට භාර දී ඇති අතර, තුවාල ලැබූ තරුණිය නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

28 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14