spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රේමය එපා කී වරදට කළ සාහසික අපරාධය

සිය ආදරය ප්‍රතික්ෂේප කළා යැයි උරණ වී බස් රථයක් තුළ දී ඥාති සහෝදරියට පිහියකින් ඇන පහර දී බරපතළ තුවාල සිදු කළ වෙළෙඳ නාවිකයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නාරාහේන්පිට පොලිසිය විසිනුයි මෙම සැකකරුව පහරදීමට යොදාගත් පිහියත් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුගේ පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ 29 හැවිරිදි තරුණිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

ඇය නාරාහේන්පිට මිනින්දෝරු කාර්‍යාලයේ පාලන අංශයේ සේවය කරන පින්නදූව – වලහන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වනවා.

සැකකරු හා තුවාලකාරිය ඊයේ (6) ගාල්ල සිට නාරහේන්පිට දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථයෙන් පැමිණ ඇති අතර තුවාලකාරිය නාරහේන්පිට – කිරුළ පාර මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටින් බස් රථයෙන් බැසීම සඳහා සූදානම් වීමේ දී ඇය අසලට පැමිණ සැකකරු බෑගය තුළ දමාගෙන ආ රම්බෝ වර්ගයේ පිහිය පිටතට ගෙන ඇයගේ ශරීරයේ ස්ථාන කිහිපයකට ම පහර දී ඇති බවයි මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

එම පහරදීමෙන් තරුණියගේ දකුණු අතේ වැලමිට ප්‍රදේශය, වම් කකුළෙහි දණහිසෙන් පහළ ප්‍රදේශය හා පපු ප්‍රදේශයට තුවාල සිදු වී තිබූ බව ද පොලිසිය පවසනවා.

බස් රථයේ සිටි මගීන් එක් ව සැකකරු ව අල්ලා පොලිසියට භාර දී ඇති අතර, තුවාල ලැබූ තරුණිය නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

28 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?