ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා

අභාවප්‍රාප්ත වන විට 94 වන වියේ පසුවුණා.

1952 වසරේ දී වේදිකා ගත කළ හින කුළය නම් නාට්‍ය හරහා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ගීත ක්ෂේත්‍රයට පිවිසිය

හුනුවටේ කතාව,කොන්තරේ,මන්ත්‍රී හාමුදුරුවෝ ,තහංචි හා කුවේණි ආදි වේදිකා නාට්‍යවලට ඔහු සංගීතයෙන් ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදුන්නා.

මාලනී බුලත්සිංහල ගායනා කළ සඳමඩලේ සිට , විජයරත්න වරකාගොඩ ගායනා කළ හිරුපායනවා, මොරිස් දහනායක ගායනා කළ ඔන්න ඕලු මලක් ,ගුණදාස කපුගේ ගායනා කළ නාබර ගොයමට වැනි ගීත නිර්මාණ රැසකටම ඔහු සිය දායකත්වය ලබා දුන්නා.