ප්‍රධාන මාර්ගයේ විසිරී ඇදවැටුණු ලී කොටන්

ලොරි රථයක ප්‍රවාහනය කළ දැව ප්‍රධාන මාර්ගය හරහා ඇද වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා සිදුවීමේ පුවතක් හැටන් – නෝර්වුඩ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක දැව ප්‍රධාන මාර්ගය හරහා වැටීමෙන් හැටන් – බගවන්තලාව, මස්කෙළිය – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

මෙම මාර්ගය අවහිර වීම හේතුවෙන් නෝර්වුඩ් පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් වාහන නිසි පරිදි එම ස්ථානයෙන් ප්‍රවේසම්කාරී ව ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේ දී බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කිතුල්ගල සිට මස්කෙලිය දක්වා දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ලොරි රථයේ දැව ගැට ගසා තිබූ ආධාරකයක් ගැලවී යාමෙන් ලොරි රථයේ තිබූ දැවවලින් විශාල කොටසක් ප්‍රධාන මාර්ගය හරහා විසිරී යාමෙන්
අද (09) දින පස්වරු 2 සිට 3 දක්වා පැයකට ආසන්න කාලයක් එම මාර්ගයේ ගමනාගමනය ඇනහිට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17