spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළාත් 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පළාත් 7ක් සඳහා බලපැවැත්වෙන පරිදි තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයිනට ගිණිකොන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බැවින් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසීය.

හෙට පස්වරුව තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති එම නිවේදනයට අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවලටද මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන් කර තිබේ.

මේ අතර දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?