පළමු 20-20 තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවිමට තීරණය කළා.

නවීකරණය කෙරුණු රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 5කට පමණ පසුවයි.

විදුලි ආලෝක කුලුනු 4ක් තිබූ මෙම ක්‍රීඩාංගණය නවීකරණයෙන් පසු විදුලි ආලෝක කුලුනු 6ක් දක්වා ඉහළ නංවා ඇති අතර මෙරට පළමු LED ආලෝක ධාරා පද්ධතියක් සහිත ක්‍රීඩාංගණය ද වනවා.

ඇෆ්ගනිස්ථානය සමඟ මෙවර පැවති තරග වාරයේ එකම ටෙස්ට් තරගයෙන් හා තරග 3කින් සමනිවිත එක්දින තරගාවලියෙන් ද තරග 3-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා.

මෙතෙක් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය විස්සයි විස්ස තරග 5 කදී එකිනෙකා හමු වී ඇති අතර එම තරග 5න් තරග 3ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව හිමි කර ගනිද්දී අනෙක් තරග 2 ජයග්‍රහණය කළේ ඇෆ්ගනිස්තානුවන්.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙම තරගාවලියට පෙර ඉන්දියාවේ දී කළ තරග සංචාරය නිමා කළේ තරග 3-0ක පරාජයකට මුහුණ දෙමින්.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට පෙර පැවති, සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගාවලිය නිමා කරන්නේ 2-1ක ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා වන වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ මේ වනවිට විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් දෙවෙනි සහ තෙවන ස්ථාන හිමි කර ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු 679ක් තීක්ෂණ සතු වන අතර ලකුණු 676ක් වනිදු හසරංග ලබා සිටිනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සිටින ප්‍රබලම ක්‍රීඩකයන් දෙපලක් වන රෂීඩ් ඛාන් සහ මුජිබර් උර් රහමන් මෙම තරගාවලියේ දී ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32