පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 165ක පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 165ක පරාජයක් අත්විදීමට අද (19) සිදු වුණා.

පසුගිය 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භ වූ තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 462ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ඉන්දීය යොවුන් පිතිකරු දෙව්දත් පඩික්කල් අඟනා ශතකයක් සමඟ ලකුණු 167ක් රැස්කර ගත්තා.

එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 284ක් පමණයි.

ශ්‍රී ලංකාවට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් සිය දෙවන ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම, දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 193ක් රැස්කර ගනු ලැබුවා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ නැංගුරම බවට පත්වූ සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 100ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවනි ඉනිමේදී ලකුණු 371ක් අවශ්‍ය වුණා.

කෙසේ වෙතත් ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 206ක් පමණයි.

පළමු ඉනිමේ මෙන්ම සිය වගකීම අකුරටම ඉටුකළ සොනාල් දිනූෂ දෙවන ඉනිමේ දී ද ලකුණු 84කින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

මේ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 165කින් ජයගැනීමට ඉන්දියාවට හැකිවුණා.

තරගාවලියේ දෙවන තරගය ලබන 23 වැනිදා කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20