සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී පන්දු රකිමින් සිටින අතරතුර තුවාල ලැබූ දිනේෂ් චන්දිමාල්ට තරගාවලියේ දෙවන තරගය ද අහිමිවන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගය සඳහන් කරනවා.
හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි චන්දිමාල්ගේ දකුණු උරහිස සහ බෙල්ල ආශ්‍රිතව ඇති වූ අබාධ තත්ත්වයක් හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහුව ඊයේ (18) දිනයේ රෝහල් ගත කරනු ලැබුවා.
දිනේෂ් චන්දිමාල් ඉන්දියාවට එරෙහි දෙවන තරගයත් අහිමි වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.
දෙවන තරගය ලබන 23 වැනිදා කොළඹ, SSC පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.













