“ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” පිළිබඳව ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වුණා.

රේගු කටයුතු කඩදාසි රහිත කිරීමේ වැඩසටහන කඩිනම් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ව්‍යාපෘතිය තුළින් වෙළෙඳ කේෂ්ත්‍රයට අත්වන ප්‍රතිලාභ සම්බන්ධව මෙහිදී පුළුල් ලෙස මෙහිදී සාකච්ඡා වුණා.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය සහ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ කාර්යභාරය පිළිබඳව විශේෂ දේශනයක් සිදු කළ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ, ඔක්තෝබර් මස 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු තාක්ෂණ අංශය ලබා දෙන දායකත්වය අගය කරන බවද පැවසුවා.

අනතුරුව LankaPay ආයතනයේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් තාක්ෂණික සැසියක් සංවිධානය කරනු ලැබ තිබූ අතර, එහිදී ඩිජිටල් අත්සන යනු කුමක්ද? එය ලබා ගන්නා නිවැරදි ආකාරය සහ රේගු ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී එය ප්‍රායෝගිකව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳවද සහභාගී වූවන් පුළුල්ව දැනුවත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25