Empty Ad
AFC Banner
Empty Ad

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවුණා.

ඒ අනුව නායක චරිත් අසලංක තීරණය කළේ පන්දුවට පළමු ව පහරදීමටයි.

තරගය අද පෙරවරු 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දි ආරම්භ කෙරෙනවා.

අද තරගයට පිතිකරණ බලඇණියට පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, ජනිත් ලියනගේ සහ වනිඳු හසරංග එක් ව සිටිනවා.

දඟ පන්දු යවන්නන් ලෙස වනිඳු, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ එක් ව ඇති අතර වේග පන්දු යවන්නන් ලෙස එෂාන් මාලිංග සමගින් අසිත ප්‍රනාන්දු එක් ව සිටිනවා.

අද දෙරට අතර පැවැත්වෙන්නේ 105 වැනි එක්දින ක්‍රිකට් තරගයයි.

ඔස්ට්‍රෙලියාව මෙතෙක් ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරග 104න් 64ක් ජයගෙන ඇති අතර 36ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව එම තරගවලින් ද තරග 18ක් ද ඔස්ට්‍රෙලියාව තරග 36ක් ද සිය උපන් බිමේ දී ජයගෙන තිබීම කැපී පෙනෙනවා.

ඔස්ට්‍රෙලියාව සිය මව්බිමෙන් එපිට එක්දින තරග 15ක් ද ශ්‍රී ලංකාව එක්දින තරග 16ක් ද ජයගෙන තිබෙනවා.

එබැවින් ඔස්ට්‍රෙලියාවට සිය මව්බිමෙන් පිටත දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණයට ලැබෙන තවත් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි.

දෙරට අතර අවසන් වරට එක්දින තරගාවලියක් පැවැත්වුණේ 2022 වසරේදීයි.

එම එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 3-2ක් ලෙස ජයගත්තා.

අද තරගයේ චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන අතර ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රෙලියාව හසුරවනු ලබනවා.

තරගාවලිය එක්දින තරග ද්විත්වයකින් සමන්විතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?