පස් කන්දක් කඩා වැටී නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය අවහිර වෙයි

ශ්‍රී පාදස්ථාන මළුව අවට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ශ්‍රී පාද කඳුමුදුනේ ගල් පර්වතයේ වැවී තිබූ ශාක කොටස් කිහිපයක් පස් සමඟ ශ්‍රී පාද මාර්ගයට කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය අවහිර වී ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසනවා.

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ මීට පෙර ද ශාක සහිත පස් කඳු කඩා වැටුණු ඇහැල කණුව ආසන්නයේම මෙවරත් එම පස් කන්ද ශ්‍රී පාද මළුවට පිවිසෙන පියගැටපෙළ මත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ දිනවල ශ්‍රී පාද අවාරයේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටු පහණ හරහා රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රී පාද උඩමළුව දක්වා යැමට හැකි බවත්, පවතින අයහපත් කාලගුණ තත්ත්වය පහව ගිය පසු එම මාර්ගයට කඩා වැටුණු ශාක සහ පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කරන බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25