ඩෙල්ෆ්ට් දූපත් අසල ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් ඊයේ (05) රාත්‍රියේ අනතුරට ලක්ව තිබෙනවා.
මෙලෙස අනතුර ලක්වූ යාත්‍රාවේ පුද්ගලයින් 11දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට පත් යාත්‍රාවේ සිටින පිරිස බේරාගැනීම සඳහා නාවික හමුදා ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළා.













