කුප්පියාවත්තේ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අල්ලයි

දෙමටගොඩ පොලිස් වසමේ කුප්පියාවත්ත ප්‍රදේශයේ දී පසුගිය ජුලි මස 23 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ඊයේ (05) ලේක්ඩ්‍රයිව් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 900 ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 23ක බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු මෙම අපරාධයේ යතුරුපැදිකරු ලෙස ක්‍රියා කර ඇති බවට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරු සමඟ සිටි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි තවත් වයස අවුරුදු 24ක පුද්ගලයෙකු ද න් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුද මෙම අපරාධයට සම්බන්ධවී සිට ඇති ද යන්න සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53