spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පවතින දැඩි රස්නය නිසා කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් (වීඩියෝ)

පවතින අධික උණුසුම් කාළගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසනවා.

කාලගුණ අංශ පුරෝකතනය කරන්නේ මෙම කාලගුණ තත්ත්වය ලබන මාර්තු මස අවසානය දක්වා පවතිනු ඇති බවයි.

මේ දිනවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

මින් වැඩිම බලපෑමක් එල්ල වීමේ අවදානමක් ඇත්තේ පාසල් දරුවන්ට සහ එළිමහනේ සේවය කරන වැඩිහිටියන්ටයි.

අධික උණුසුම හේතුවෙන් දරුවන්ට ඇති වන සංකූලතා මර්දනය කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය විවේකය, දියර වර්ග භාවිතය සහ පෝෂණය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා අවධාරණය කරනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, වියළි කාලගුණ තත්ත්වය තවත් මාසයකට වැඩි කාලයක් පවතිනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?