පලෙයි කැලේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඇති බවට බොරු කියූ සැකකරුට හැදුනුම්පත් 3ක්

පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාලව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 16 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (03) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා .

මෙම සිද්ධියට අදාල සැකකරුගේ දුරකථන වර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තිබෙන බවත් සැකකරු ජාතික හැදුනුම්පත් 3ක් තබා ⁣ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට තිබෙන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ සංගීත් ජයසේකර නමැත්තෙක්.

කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් පුහුණු කදවුරක් සහ බෝම්බ නිෂ්පාදනගාරයක් ඇති බවට අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස තමන් හදුන්වා ගත් සංගීත් ජයසේකර නමැති අයෙකු මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා පවසා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුයේ.

තවද මෙම සැකකරු ව්‍යාජ හැදුනුම්පත් කිහිපයක් භාවිතා කර ඇති බවටද තොරතුරු අනාවරණය වන බවයි විමර්ශන නිළධාරීන් අධිකරණට දන්වා සිටියේ.

තවද මෙම සැකකරුහට කිලිනොච්චි ප්‍රදේශයේ අඩවි වන නිලධාරියෙකු විසින් මෙම පදනම් විරහිත ප්‍රකාශය සිදු කළ ඇති බව සැකකරු ප්‍රකාශ ලබාදුන් අවස්ථාවේ පැවසූ බවද විමර්ශන් නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

එම අඩවි වන නිලධාරියා සහ ඔහුගේ බිරිදගෙන් ලබා ගත් ප්‍රකාශ අනුව මෙවැනි දෙයක් කොකියු බව පවසා සිටිය බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුයේ.

මෙම සැකකරු විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය කරුණක් බවයි වැඩිදුරටත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

මෙම සැකකරු කොළඹ ප්‍රදේශය හෝටලයකදී 2028/8/ 14 වන දින මාධ්‍ය කැඳවා කිලිනොච්චියේ පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් තිබෙන බවට ප්‍රකාශ කළ ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම සාමයට බාධාවක් විම, මහජන කැලඹීමක් ඇති වීය හැකියි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 485 වගන්තිය ප්‍රකාරව චෝදනා ගොනුකර සැකකරු අත්අඩංගුවට ගත් බවයි ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේ.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන කණ්ඩායමක් කිලිනොච්චි ප්‍රදේශයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් යවා විමර්ශන නිලධාරින් සහ පොලිස් සුනඛයන් යවා පරීක්ෂා කළ ද එහි කිසිදු බොම්බ කම්හලක් තිබෙන බවට කිසිදු දෙයක් හමු නොවු බවයි විමර්ශන නිලධාරීවරයා අධිකරණයට දැන්වුයේ.

එම ප්‍රදේශයේ දෙමළ ජනතාව ඵම රක්ෂිතයට ගොස් වගා කටයුතු සහ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට පලෙයි පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරා ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූයේ.

එම මාධ්‍ය හමුවේ දී ඔහු විසින් ප්‍රකාශ කළ සියල්ල ඊට පසු දිනයේ දී පොලිස්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

පලෙයි රක්ෂිතය තුළ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකු ගොවි පොලක් සහ ඇගළුම් කම්හලක් ඉදිකරමින් පවතින බවත් එය නීති විරෝධී ඉදිකිරීමක් බැවින් එකී ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරා ඇති බවත් පොලිස්පතිවරයා පවසා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

තවද මෙම සැකකරු මාධ්‍ය ආයතන වල පමණක් නොව යූටියුබ් නාලිකා වැලද මෙම ප්‍රකාශයේ සිදු කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව සංස්කරණය නොකළ වීඩියෝ පට ලබාදීමට මාධ්‍ය ආයතන අටකට නියෝග නිකුත් කරන ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් පෙර නඩු දිනයේ දී ඉල්ලා සිටියා.

මෙම සිද්ධියට අදාලව විමර්ශන ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.