පන්ජාබ් කිංග්ස් භානුක රාජපක්ෂ ගැන තීරණයක් ගනී

2024 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ නිදහස් කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

භානුක රාජපක්ෂට අමතරව මෝහිත් රතී, බල්ටේජ් ධණ්ඩා, රාජ් බාවා සහ ශාරුක් ඛාන් ද, සුරූපි බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා හිමිකාරිත්වය දරණ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් නිදහස් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් නිදහස් කළ එකම විදෙස් ක්‍රීඩකයා වන්නේ භානුක රාජපක්ෂයි.

F 2voJwWMAEkwJU