spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පනත් කෙටුම්පත් දෙකක් කතානායක සහතික කරයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (14) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීම සිදු වූයේ පසුගිය ජූලි මස 20 වනදායි.

බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීම පසුගිය ජූලි 21 වනදා සිදු කෙරුණා.

ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත වශයෙන් මෙම පනත් දෙක බලාත්මක වනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතා ද එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?