නේපාල භූ කම්පනයෙන් ලාංකිකයන්ට හානියක් නැහැ

නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

නේපාලයේ ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු පමණ ජීවත් වන අතර ඔවුන් කත්මන්ඩු නුවර සහ පොක්කාරා යන ප්‍රදේශවල රැඳී සිටින බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

භූ කම්පනය සිදුවු නේපාලයේ බටහිර ප්‍රදේශයේ හෝ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බවට එරට බලධාරීන් තහවුරු කළ බව ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

බටහිර නේපාලයේ සිදුවු එම භූ කම්පනයෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති අතර තවත් 160කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයක් ලෙස සටහන්වී තිබුණා.

පළමු භූ කම්පනයෙන් පසුව පැයක් ඇතුළත තවත් පසු කම්පන 03ක් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46