spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නේපාල භූ කම්පනයෙන් ලාංකිකයන්ට හානියක් නැහැ

නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

නේපාලයේ ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු පමණ ජීවත් වන අතර ඔවුන් කත්මන්ඩු නුවර සහ පොක්කාරා යන ප්‍රදේශවල රැඳී සිටින බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

භූ කම්පනය සිදුවු නේපාලයේ බටහිර ප්‍රදේශයේ හෝ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බවට එරට බලධාරීන් තහවුරු කළ බව ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

බටහිර නේපාලයේ සිදුවු එම භූ කම්පනයෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති අතර තවත් 160කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයක් ලෙස සටහන්වී තිබුණා.

පළමු භූ කම්පනයෙන් පසුව පැයක් ඇතුළත තවත් පසු කම්පන 03ක් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?