නීතිවිරෝධීව දුම්වැටි ආනයනය කළ ලාංකිකයෙක් ඇතුළු 6ක් මෙල්බර්න් නුවරදී අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

45 හැවිරිදි ශ්‍රී ලාංකිකයා විසින් මෙහෙයවා ඇති බව කියන මෙම ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තවත් අයෙකු මෙල්බන් නුවර සුප්‍රසිද්ධ අපරාධ පවුලකට සම්බන්ධකම් ඇති අයෙක් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

අත්අඩංගුවට පත්වී ඇති අනෙක් සැකකරුවන් 5 දෙනා අවුරුදු 31, 35 සහ 40 වයස්වල පසුවනවා.

පසුගිය 3 වනදා දේශසීමා බලකා නිලධාරීන් විසින් මෙම දුම්වැටි සොයා ගෙන ඇති අතර වියට්නාමයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධී ලෙස මෙම දුම්වැටි ආනයනය කර ඇති බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

අදාළ දුම්වැටි තොගයෙහි වටිනාකම ඩොලර් මිලියන 15 ක් ලෙස ගණන් බලා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වසරකට රට තුළට නීති විරෝධීව රැගෙන එන ඩොලර් බිලියන ගණනක් වූ දුම්වැටිවලින් ඉතා කුඩා කොටසක් පමණක් බවයි.

බලධාරීන් පැවසුවේ, නීතිවිරෝධී දුම්වැටි සහ මත්ද්‍රව්‍ය ගෙන ඒමට අපරාධ කණ්ඩායම්වලට උදව් කළ භාණ්ඩ ප්‍රවාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සේවාවලින් ඉවත් කර තිබීම හමුවේ මෙම අත්අඩංගුවට ගැනීම විශේෂ වන බවයි.

බට්ටුවත්තේ ගමගේ ගිහාන් ද සිල්වා නම් 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයා මෙම දුම්වැටි ආනයනය පිටුපස සිටින අතර භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තය පිළිබඳ ඔහුගේ දැනුම භාවිතා කරමින් ආනයනය සැලසුම් කර ඇති බවටයි සැක කෙරෙන්නේ.

සැකකරුවන්ට දුම්වැටි ආනයනය සම්බන්ධයෙන් වසර 10ක සිරදඬුවමකට මුහුණ දීමට සිදු වනු ඇති බව සඳහන්.

සැකකරුවන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ නඩුව ලබන ජූලි මාසය දක්වා කල් තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27