නීතිගරුක හා සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයේ දී නබිතුමන්ගේ ආදර්ශය නොනිමෙන ආලෝකයක් – ජනපති

සමාජයේ ඇති නැති පරතරය සහ දුරස් බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබිනායකතුමන්ගේ ආදර්ශය, වර්තමානයේ අප හමුවේ ඇති සමාජමය අභියෝග ජයගනිමින් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයේ දී නොනිමෙන ආලෝකයක් සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.

අදට දී ඇති ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සුබ පැතුම් පණිවුඩය පහතින්..

ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා ගෞරවයෙන් සමරන ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද්-උන්-නබි උත්සවය අදට යෙදී තිබේ.
ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමන් වූ මුහම්මද් නබි නායකතුමන් දැහැමි සමාජයක් ගොඩනැඟීම සඳහා කැප වූ සහ ඒ වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආගමික ශාස්තෘවරයෙකි. එසේම, ඉස්ලාම් හර පද්ධතියක් ඇති කිරීමෙහි පුරෝගාමියා වන්නේද එතුමායි
එකල සමාජයට ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේදී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවේ. එවන් මොහොතක වුවද ඉවසීම සහ නිහඩතාව එතුමාගේ සියුම් ආයුධ විය. භේද-භින්නව පැවති අරාබි සමාජය වෙනුවට, ඉස්ලාම් දහමේ හරය සහ අර්ථය දරා සිටින, සහෝදරත්වයේ, සාමයේ සහ පරිත්‍යාගයේ දර්ශනය පෙරදැරි කර ගත් උතුම් සාරධර්ම සපිරි සමාජයක් නිර්මාණය කරලීමට වසර 23ක කාලයක් පුරා සිය දේශනාවෙන්, ක්‍රියාවෙන්, පරිත්‍යාගයෙන් මෙන්ම ජීවනාදර්ශයෙන් නබි නායකතුමා කැප වූහ.
එතුමන්ගේ ඉගැන්වීමෙහි පදනම වූයේ ජාතියෙන්, කුලයෙන් හෝ වර්ණයෙන් එක් පුද්ගලයෙකු තවත් කෙනෙකුට වඩා උසස් හෝ පහත් නොවන බවට වූ සමානාත්මතාව පිළිබඳ මහඟු සංකල්පයයි. සමාජයේ ඇති නැති පරතරය සහ දුරස්බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබිනායකතුමන්ගේ ආදර්ශය, වත්මනෙහි අප හමුවේ ඇති සමාජමය අභියෝග ජය ගනිමින් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයේදී නොනිමෙන ආලෝකයක් සපයන බව මගේ විශ්වාසයයි.
සෑම ලෙසකින්ම බිඳුණු අප සමාජයට මනුෂත්වය සහ ප්‍රේමය කැටුව එමින් නව හර පද්ධතියක් මත රට උසස් තලයකට ඔසවා තැබීමට අප දරන වෑයමේදී, අප හා ඒ ගමනට එක්ව සිටින ඔබ සැමට නබි නායකතුමන්ගේ සැබෑ ජීවනාදර්ශය ජීවිතවලට සමීප කර ගනිමින් මෙවර මිලාද්-උන්-නබි සැමරුම වඩා අර්ථවත් කර ගැනීමට ආරාධනා කරමි.
ශ්‍රී ලාංකික සහ ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට අර්ථවත් මීලාද්-උන්-නබි උත්සවයක් වේවා!
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 සැප්තැම්බර් 05 වන දින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02