නිවාස සංවර්ධන අධිකාරියේ අක්‍රමිකතා ගැන CIDයට සහ අල්ලස් කොමිසමට කීමට කෝප් කමිටුව සැරසෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) ඉඩම් අවභාවිතයන්, මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර විධිමත් විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE/කෝප්) අවධානය යොමු වුණා.

ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමර්ශනයේ ඉතිරි කරුණු සලකා බැලීම සඳහා කෝප් කමිටුව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී මාලිගාවත්ත, ඇල්විටිගල මාවත සහ දඹුල්ල රංගිරිගම ප්‍රදේශවල පිහිටි අධිකාරිය සතු වටිනා ඉඩම්, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සහ ඉතා අඩු නාමික වටිනාකම් යටතේ බාහිර පාර්ශ්ව වෙත බදු දීම, ගිවිසුම්වල සඳහන් පරමාර්ථයන්ට පටහැනි ලෙස එම ඉඩම් භාවිත කිරීම සහ අධිකාරිය සතු දේපළ නිසි ලෙස ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මෙම ගනුදෙනු බොහොමයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරමාර්ථයන්ට සහ නීතිමය ප්‍රතිපාදනවලට පටහැනිව සිදුවී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කළ අතර, අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කළා.

තවද, මෙම සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසත් කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම අනාගතයේදී මෙවැනි අක්‍රමිකතා නැවත සිදු නොවන පරිදි දේපළ කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාරක සභාව නිර්දේශ කළා.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර්, නීතීඥ සුජීව සේනසිංහ, මුජිබුර් රහුමාන්, චමින්ද විජේසිරි, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, සුනිල් රාජපක්ෂ, තිලිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, රුවන් මාපලගම, ජගත් මනුවර්ණ සහ දිනේෂ් හේමන්ත, එම්.කේ.එම්. අස්ලම්, සුදත් බලගල්ල යන පිරිස සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15