නිවසක් බිඳ දේපොළ සොරකම් කළ සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට

පසුගිය මාර්තු මස 24 වැනි දින මොරටුව පොලිස් වසමේ දී විවෘත දොරෙන් ඇතුළු වී නිවසේ තිබූ රුපියල් 639,000/- ක මුදලක් සොරකම් කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටි සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඊයේ (03) දින දහවල් කාලයේ දී මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ සැකකාරියන් අවුරුදු 33 හා 47 වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි.

සොරා ගන්නා ලද දේපොළවලින් කොටසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?