නිල්වලා ගංගා ද්‍රෝණියට අයත් පහත් බිම්වලට ගංවතුර අවදානමක්

ඇඳහැලෙන අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගංගා ද්‍රෝණියට අයත් පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ, අනුව ඉදිරි පැය 24ක කාලය තුළ කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ මාතර සහ දෙව්නුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සැළකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන ලෙස එම පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට දැනුම් දෙන අතර, විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන් මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ද දැනුම් දෙනවා.

WhatsApp Image 2023 05 14 at 3.05.42 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?