Empty Ad
Empty Ad
AFC Banner

නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක අතර හමුවක් (ඡායාරූප)

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි අතර හමුවක් ඊයේ (11) කොළඹ දී පැවැත් වුණා.

මෙම හමුව අතරතුර, ජනවාරි 26 වන දින ඉන්දියාවේ 76 වන ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී වන ලෙස කපිතාන් මුකුන්දන් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල ආරාධනයක් සිදුකර තිබෙනවා.

ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා පිළිබඳව ද දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

තවද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, පවතින දිගුකාලීන හා ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා වී තිබෙනවා.

දෙරට අතර, ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේ අවධාරණය කළ අතර, ඉන්දියාවෙන් අඛණ්ඩව ලැබෙන හමුදා සහාය පිළිබඳ සිය කෘතඥතාව පළ කර සිටියා.

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන සහයෝගය මේජර් ජෙනරල් ජයසේකර අගය කළ අතර, මෙම දැවෙන ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා අන්‍යෝන්‍ය කැපවීම මෙහිදී අවධාරණය කළා.

WhatsApp Image 2025 01 11 at 9.10.44 AM 1
WhatsApp Image 2025 01 11 at 9.10.44 AM
WhatsApp Image 2025 01 11 at 9.10.43 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?