පැතුම් සහ කමිඳුට ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගාවලිය අවිනිශ්චිතයි

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීම තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අවින්ශ්චිත වී තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනාම ආබාධයන්ට ලක්වීම හේතුවෙන්.

නිමා වූ නවසීලන්ත තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගයේ දී පැතුම් නිස්සංක ආබාධයකට ලක් වුණා.

ඊට අමතරව කමිඳු මෙන්ඩිස් පළමු පෙළ තරගයක් අතර තුර ආබාධයකට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගාවලිය ලබන 29 වනදා ගාල්ලේ දී ආරම්භ වන අතර, ටෙස්ට් තරග දෙකෙන් පසු තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය කොළඹ දී පෙබරවාරි 12 වනදා ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11