නාය යෑම් ගැන සැලකිලිමත් වෙන්න – දිස්ත්‍රික්ක 08කට තවදුරටත් අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාපතනයත් සමඟ කඳු ආශ්‍රිතව ජීවත්වෙන ජනතාව නාය යෑම් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

ඒ, අනුව ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ සහ අවට යම් ආකාරයක භූමියේ පැල්මක්, වතුර ගැලීමක්, ගස් උදුරාවැටීමක් නිරීක්ෂණය වුවහොත් වහාම ග්‍රාම නිලධාරිවරයා, දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය, හෝ ප්‍රාදේශීය ලේකම් දැනුවත් කරන ලෙසයි එම සංවිධානය පවසන්නේ.

එමෙන්ම මාර්ග ආශ්‍රිතව පළල් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ස්ථානවලින් ගමන් කිරීමේ දී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ද ඉල්ලා සිටිනවා.

මේ අතර නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර,

“පසුගිය දින කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල, හපුතලේ, ඇල්ල බදුල්ල, හාලිඇල යන ප්‍රදේශය ලේකම් කොට්ඨාස වලටත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත යන ප්‍රාදේශීලිකම් කොට්ඨාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහිඕවිට, වරකාපොළ,ගලිගමුව, යටියන්තොට, මාවනැල්ල,සහ කෑගල්ල යන ප්‍රාදේශීලිකම් කොට්ඨාසවලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතකම යන ප්‍රාදේශීය කොට්ඨාසයටත් මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට යන ප්‍රාදේශීයලේකම් කොට්ඨාසවලට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත්, රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ, ඉබුල්පේ, කලවාන, රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නිවේදනය ක්‍රියාත්මකයි. මෙම නිවේදනය අද (18) පස්වරු හතර දක්වා ක්‍රියාත්මකයි”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41