නායයෑම්, ගංවතුර අවදානම් ඉදිරි දින කිහිපයේත් එලෙසමයි – තවදුරටත් අනතුරු ඇඟවීම් (නිවේදනය)

දිවයිනට ම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සහ ආපදා ඇතිවීමේ අවදානම් සහගත බව ඉදිරියටත් බලපැවැත්වෙන බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව විසින් අද (14) පස්වරුවේ අධික වර්ෂාව, ගංවතුර, අකුණු ගැසීම් සහ නායයෑම් සම්බන්ධයෙන් සිදු ව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව විශේෂ වාර්තාවක් නිකුත් කරනු ලැබුවා.

එහි සඳහන් වන්නේ පසුගිය සතියේ 07 වැනිදින සිට වායු ගෝලයේ කැලඹිලි ස්වභාවයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට පමණ අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතින බවයි.

කළුතර, රත්නපුර, කොළඹ, ගම්පහ, කෑගල්ල, ගාල්ල, කුරුණෑගල, පුත්තලම, මහනුවර ආදි ප්‍රදේශවලටත්, පොළොන්නරුව, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලටත් මේ වනවිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

කළු, කැලණි, නිල්වලා හා අත්තනගලු ඔය යන ස්ථාන 05ක් ආශ්‍රිතව පහත්බිම්වල ජීවත්වන ජනතාවට ද ගංවතුර නිවේදන නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ වනවිට දිස්ත්‍රික්ක 12හි සිදු වූ ජල ගැලීම්, අධික සුළං, පස් කණ්ඩි කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් පවුලු 39,123ක පුද්ගලයින් 152,424ක් අවතැන්ව තිබෙනවා.

ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථාන 69ක රඳවා ඇති අතර පවුල් 1927ක පුද්ගලයින් 7918ක් රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පූර්ණ නිවාස හානි 01ක් ද අර්ධ නිවාස හානි 317ක් වාර්තා වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් මහජනතාව වෙත නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39